කළමනාකරණය යනු කුමක්ද?


01.කළමනාකරණය යනු?

කළමනාකරණය යනු අරමුණු ළාකර ගැනීම සහා සම්පත් මෙහෙයවීමේ ක්‍රියාවලියයි. වඩාත් පැහැදිලි කරන්නේ නම් කළමනාකරණය යනු සම්පත් නාස්තිය අවමකර ඒවා ප්‍රශස්ථ උපයෝජනයට ලක්කර සැලසුම් කළ අරමුනු සාර්ථකව ළාකර ගැනීමේ ක්‍රියාවලියයි.

 

ඉහත සටහනේ දැක්වෙන පරිදි “සීමිත සම්පත් ප්‍රශස්ත උපයෝජනයට ලක්කිරීම” යන්න සඳහා කාර්යක්ෂමතාවය යන පදයත්‚ “සැලසුම් කළ අයුරින් අරමුණු ළාකර ගැනීම යන්න සහා සඵලත්වය යන පදයත් යෙදීමෙන් පහත දැක්වෙන පමු නිර්වචනය ලබාගත හැකිය.

1 කළමනාකරණය යනු ආයතනික අරමුණු සඵලදායීව ළාකර ගැනීම සහා සීමිත සමිපත් කාර්යක්ෂමව උපයෝජනය කිරීමේ ක්‍රියාවලියයි.

 

2 තීරණ ගැනීමයි. 

ප්‍රශ්නයක් සහා ඇති විකල්ප විසදුම් සමුදායක් අතරින් වඩාත්ම යෝග්‍ය විසදුම තෝරාගැනීමේ ක්‍රියාවලිය තීරන ගැනීම ලෙස හදුන්වයි. එක් දිනක් තුළදී කළමනාකරුවකු දහස් ගණනක් වූ ප්‍රශ්න සහා විසදුමි සොයන්නා වු බැවින් කළමනාකරණය යනු තීරන ගැනීමක් ලෙස දැක්වීම නිවැරදි වේ. ඒ අනූව කළමනාකරු ගන්නා වු තීරණයන්හි සාර්ථකත්වය මත ව්‍යාපාරයේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය රා පවතී. කෙසේ වුවද සාර්ථක කළමනාකරණයක් සහා සාර්ථක තීරන ගැනීමක් පමනක් ප්‍රමාණවත් නොවේ. ඒ සහා ගන්නා වූ තීරන සාර්ථනව ක්‍රියාත්මක කිරීමද අවශ්‍යෙවේ.

 

3 කළමනාකරණය යනුඅන් අයලවා වැඩ කරවා ගැනීමේ කලාවයි. (මේරි පාකර් ෆොලෙට්) 

ඕනෑම ව්‍යාපාර සංවිධානයක් මිනිසුන්ගෙන් සමන්විත වේ. ව්‍යාපාරයේ දක්නය ලැබෙන අන් කිසිදු සම්පතකට වඩා මානව සම්පත අද්විතීය වේ. මානව සමිපත සුවිශේෂී වීම සහා පහත ලක්ෂණ හේතු සාධක වේ.

  •  සප්‍රාණික වීම. 
  •  හැීමි දැනීමට සිතීමට තීරණ ගැනීම සහ ප්‍රතිචාර දැක්වීමට ඇති හැකියාව.
  •  අනෙකුත් සමිපත් පිළිබ තීරණ ගැනීම සහ ඒවා පාලනය කිරීම.
  •  තම අයිතිවාසිකමි ආරක්ෂා කර ගැනීම උදෙසා සංවිධානය වීමේ හාකියාව.
  •  වැඩි ප්‍රතිලාභ සහ වරප්‍රසාද සහා කේවල් කිරීමේ හැකියාව.
  •  සිය මිල තීරණය කිරීමේ හැකියාව.
  •  කාලයත් සම වටිනාකම ඉහළයාම.
  •  අභිප්‍රේරණය සහ පුහුණුකිරීම මගින් ඵලදායකත්වය අසීමිතව ඉහළ දැමීමේ හැකියාව.
  •  කල් පවත්නා තරඟකාරී වාසියක් ලෙස ක්‍රියාකිරීම.
  •  චර්යාව ඉතා සංකීර්ණ වීම සහ පුරෝකථනයට ඇති නොහැකියාව.

ආයතනයක වැදගත්ම සම්පත මානව සම්පත වන හෙයින්ආයතනයක සාර්ථකත්වයට හෝ අසාර්ථකත්වයට එම මානව සම්පත් සෘජුවම බලපෑම් කරනු ලැබේ. එබැවින් කළමනාකරුවකුගේ ප්‍රධානතම කාර්යය වනුයේ ආයතනයක අරමුණු ඉටුවන පරිදි මානව සම්පත පාලනය කිරීමයි. ඒ සහා කළමනාකරුවකු සතුව වටහා ගැනීම පුරෝකථනය කිරීම හා පාලනය කිරීම යනාදී සුවිශේෂ කුසලතාවයන් පැවතිය යුතුය. එබැවින් කළමනාකරනය යනු අන් අයලවා වැඩ කරවා ගැනීමේ කලාව ලෙස හැදින්විය හැක. කළමනාකරුවකුගේ කාර්යභාරය පහත පරිදි දැක්විය හැක.

 

4 කළමනාකරණය යනු ආයතනික සාමාජිකයින්ගේ කාර්යයන් සැලසුම් කිරීම සංවිධානය කිරීම‚ නායකකරණය සහ පාලනය කිරීමෙන් සහ අනෙකුත් සියළුම ආයතනික සම්පත් ප්‍රකාශිත ආයතනික අරමුණු ළාකර ගැනීම සහා යෙදවීමේත් ක්‍රියාවලියයි. (ස්ටෝනර් ෆ්‍රීමන්)


5 කළමනාකරණය යනු පුරෝකථනය කිරීම හා සැලසුම් කිරීම සංවිධානය කිරීම විධාන දීම සහ සම්බන්ධීකරණය සහ පාලනය කිරීම වේ. (හෙන්රි ෆෙයෝල්)


02.කළමනාකරණය විද්‍යාවක් සහ කලාවක් ලෙ‍ස‍.

කළමනාකරණය යනු විද්‍යාවක් සේම කලාවක් වේ.

විද්‍යාවක්යනු පොදුවේ යොදාගත හැකි වූත් නිශ්චිත මුලධර්ම මත පදනම් වූත් සත්යේක්ෂණය කළහැකි වූත් විධිමත් දැනුම් සම්භාරයකි. කලාවක් යනු අපේක්ෂිත ප්‍රත්ඵල ළාකර ගානීම සහා දැනුම සහ කුසලතාවයන් යොදාගැනීමයි.

ඒ අනූව කළමනාකරණය යනු විද්‍යාවකි. මක්නිසාද යත් කළමනාකරණය යනුවිධිමත් නිරික්ෂණ හා පරීක්ෂණ තුලින් සංවිධාන කළ දැනුම් සම්භාරයක් වන නිසාවෙනි. එසේම එය විවිධාකාර වූ ව්‍යාපාරික ගැටළු විසාලීම සහා නිර්මාණශීලීව උපයෝගී කරගන්නා බැවින් එය කලාවක් ලෙසද හැදින්විය හැක.



03.කළමනාකරණයේ අවශ්‍යතාවය.

පහත සදහන්කරුණු හේතුකොටගෙනකළමනාකරණය අවශ්‍යවේ.

  • සම්පත් ඌණතාවය.
  • දැඩි තරකාරිත්වය.
  • පරිසරයේ වෙනස්වන සුලු ස්වභාවය. 
  •  ගුණත්වය පිළිබද සැලකිලිමත්භාවය.

04.කළමනාකරණය සහ පරිපාලනය.

පරිපාලනය යනු ක්‍රීයාපටිපාටී ස්ථාපිත කිරීමේ හා පවත්වාගෙන යාමේ කාර්යයි.ක්‍රීයාපටිපාටියක් යනු යම් නිශ්චිත සංවිධාන කාර්යයක් ඉටුකර ගැනීම සහා ඇති පියවරයන් සමූහයකි. බ්රෙච්ට අනූව පරිපාලනය යනු කළමනාකරන ක්‍රියාවලියට අදාළ එක් කොයසක් වන අතර එහිදී ආයතනය පිළිබසැලකිලිමත් වෙමින් ක්‍රියාපටිපාටි ක්‍රියාවට නංවන අතර වැඩසටහන් ඉදිරිපත් කිරීම සහ සන්නිවේදනය කිරීමද කාර්යයන්වල ප්‍රගතිය නිශ්චය කිරීම සහ ඒවා ඉලක්ක සහ සැලසුම් අනූව සැසීමද සිදුකරයි.

එබැවින් පරිපාලනය යනු සංකල්පයක් වන අතර කළමනාකරණයේ කුඩා අංඔයක් පමණක් පිළිබිඹු කරයි. නිශ්චිතවම ප්‍රකාශ කළහොත් පරිපාලනය වැඩ පද්ධතීන් ගොඩනැගීම හා සම්බන්ධ වන ඩැවින්එය සංවිධානකරණ ක්‍රියාවලියේ කොටසකි. කළමනාකරණය සංවිධානකරණය හා පරිපාලනය අතර සම්බන්ධතාවය පහත ආකාරයට පෙන්නුම් කළ හැක.

කෙසේ නමුත් පරිපාලනය විටෙක සංවිධානයක අරමුණු හා ප්‍රතිපත්ති තීරළය කරන ඉහළ පෙළ කළමනාකරුවන්ගේ කාර්යයන් හැින්වීමට යොදාගනී.

 

Comments

  1. මගේ පැවරැමක් හදා ගන්න ඔබේ සටහන් අතිශයින් උදවු බව සටහන් කරන්නේ ස්තුති පුර්වකව

    ReplyDelete
  2. කළමනාකරනයෙ මූලික පියවර හතර planning,organizing,directing,controlling සම්බන්ධව අදහසක් එක් කරන්න.යොදා ඇති අදහස් හොදයි.

    ReplyDelete
  3. What a wonderful and important fact.Thank you for podting

    ReplyDelete
  4. valuable articles....... thank u very much

    ReplyDelete
  5. මාගේ පැවරුමට ඔබේ සටහන බොහෝ ප්‍රයෝජනවත් වූ බව සටහන් කරමි. ඔබට ස්තූතියි...

    ReplyDelete
    Replies
    1. මට කලමනාකරනය වැදගත්කම පොඩ්ඩක් කියනවද.ලොකු උදවුවක්. එසයිමන්ට් වලට 🙏

      Delete
    2. Basic idea:
      පවතින සම්පත් කාර්යක්ෂමව හා පලදායී ලෙස භාවිතා කරමින් අපේක්ෂිත අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා සේවකයින් එකට වැඩ කරන බවට වග බලා ගැනීමට හා මෙහෙයවීම සදහා.

      Delete
  6. මාගේ පාඩමක් සකස් කර ගැනීමට ඔබගේ ලිපිය උපකාරී උනා. ස්තූතියි.

    ReplyDelete
  7. Project planing genth wisthra dannako

    ReplyDelete
  8. ගොඩක් වැදගත් උනා බොහොම ස්තූතියි 🤙🤙

    ReplyDelete
    Replies
    1. පාසලක අග්‍ර කළමනාකරු , මධ්‍ය කළමනාකරු ,පළමු පෙළ කළමනාකරු හදුන්වන්න.

      Delete
  9. කලමනාකරුවන් ගන්නා වැදගත් තිරන මොනවාද යන්නත් එක් කල යුතුයි

    ReplyDelete
  10. Wow ! This is very good note .this is very help full for us . So thanx 🤝🤝

    ReplyDelete
  11. තැන්ක්ස් ගොඩක්

    ReplyDelete
  12. ගොඩක් ප්‍රයොජනවනවත් උනා කරුණු ටික.... ගොඩක් ස්තූතියි

    ReplyDelete
  13. නිර්වචනයේම තියෙනවනේ...ව්‍යාපාරික සම්පත් වල පවතින හිගතාවය නිසා එම සම්පත් වඩා කාර්‍යක්ශමව හා සපලදායීත්වයෙන් යොදා සංවිධානයක අරමුනු හා පරමාර්ත මුදුන්පමුනුවා ගැනීමට කලමනාකරනය අවශ්‍ය වේ..

    ReplyDelete
  14. බොහොම ස්තූතියි!

    ReplyDelete
  15. මට කසල කලමනාකරණය යනු? යන මතෘකව යටතේ 3 minit speach එකක් preansent කරන්න කරුනු ටිකක් කියනවද?

    ReplyDelete
  16. ඇත්තටම නියමය්...ගොඩක් කෙටියෙන් තීන නිසා කියවන්නත් ආස හිතුනා😌

    ReplyDelete
  17. ස්තූතියි.වැදගත්.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog