කළමනාකරණය සහ කළමනාකරුවන්.
කළමනාකරු යනු සැලසුම්
කිරීම, සංවිධානය කිරීම‚ අධ්‍යක්ෂණය
සහ පාලනය යන කළමනාකරණ ක්‍රියාවලිය සම්බන්ධව ප්‍රාථම්ක වගකීම් දරණ තැනැත්තා වේ. තවද
කළමනාකරු යනු ව්‍යාපාරික අරමුණු ළඟාකර ගැනීමට හැකිවන අයුරින් සීමිත සම්පත්
කාර්යක්ෂම ලෙස මෙහෙයයවීමේ යෙදී සිටින්නා ලෙසද හැඳින්විය හැක.
01.කළමනාකරුවන් වර්ගකිරීම.
සංවිධානයක කළමනාකරැවන් පහත
සදහන් ආකාරයට වර්ග කළ හැක‚
1. ධුරාවලි මට්ටම අනූව කළමනාකරුවන් වර්ග කිරීම.
සංවිධානයක පවතින විවිධ
මට්ටම් අනූව ධුරාවලියක් ලෙස කළමනාකරුවන් වර්ග කළ
හැකිය. ඒ අනූව හදුනාගත හැකි කළමනාකරණ මටිටම් තුනකි.
ඉහළ පෙළ කළමනාකරුවන් / උපායශීලී කළමනාකරුවන්
සමස්ථ ව්‍යාපාරික
ආයතනය සම්බන්ධයෙන් වගකීමට බැඳී සිටින කළමනාකරුවන් මෙසේ හැඳින්වේ. මොවුන් ධූරාවලියේ
ඉහළම මට්ටමේ සිටී.උදා -: සාමාන්‍යධිකාරි‚ නියෝජ්‍ය සාමාන්‍යධිකාරි‚ සභාපති‚ උප සභාපති‚ අධ්‍යක්ෂක
ආදි‚ඔවුන්ගේ මූලික කාර්යභාර්ය
- සමස්ථ ව්‍යාපාරය සඳහා යෝග්‍ය අරමුණු සහ උපාය මාර්ග තීරණය කිරීම
- සමස්ථ ව්‍යාපාරික ප්‍රතිපත්ති තීරණය කිරිම
- සමස්ථ ව්‍යාපාරික සැලසුම් (සංයුක්ත සැලසුම්) සහ උපායශීලි සැලසුම් සකස්
කිරීම
- මැද පෙල බඳවා ගැනීම‚ පුහුණු කිරීම හා සුපරීක්ෂණය
- වැදගත් බාහිර පාර්ශවයන් සමඟ සම්බන්ධතා පවත්වා ගැනීම
මැද පෙළ කළමනාකරුවන්
මොවුන් සංවිධාන ධූරාවලියේ මධ්‍යම මට්ටමේ සිටින අතර ආයතනයේ ප්‍රධාන අංශ හෝ
භාරව ක්‍රියා කරන්නා වූ කළමනාකරුවන්
උදා-: නිෂ්පාදන කළමනාකරු‚ මූල්‍ය කළමනාකරු‚ පුහුණු හා සංවර්ධන අධ්‍යක්ෂක ආදි.
උදා-: නිෂ්පාදන කළමනාකරු‚ මූල්‍ය කළමනාකරු‚ පුහුණු හා සංවර්ධන අධ්‍යක්ෂක ආදි.
ඔවුන්ගේ මූලික කාර්යභාර්ය
- දෙපාර්තමේන්තු සඳහා යෝග්‍ය අරමුණු‚ උපාය මාර්ග සහ ප්‍රතිපත්ති තීරණය කිරීම
- ආංශික හෝ දෙපාර්තමේන්තු සැලසුම් සකස් කිරිම
- පහළ පෙළ කළමනාකරුවන් බඳවා ගැනීම‚ පුහුණු කිරීම හා සුපරීක්ෂණය
- ඉහළ පෙළ කළමනාකරුවන්ගේ තීරණ සඳහා අවශ්‍ය තොරතුරු සම්පාදනය කිරිම
- ඉහළ පෙළ කළමනාකරුවන්ගේ තීරණ සහ නියෝග ක්‍රියාත්මක කිරීම
පසු පෙළ කළමනාකරුවන් / ප්‍රථම රේඛීය කළමනාකරුවන්
කළමනාකරණ නොවන සේවකයින් මෙහෙයවීමේ
වගකීම මොවුන් දරණ අතර කිසිදු කළමනාකරණ ශ්‍රේණියේ සේවකයෙකු අධීක්ෂණය කිරීම පසු පෙළ
කළමනාකරුවන් විසින් සිදු කරනු නොලැබේ.
ඔවුන්ගේ මූලික කාර්යභාර්ය
- ව්‍යාපාරයේ දෛනික කටයුතු සුමටව පවත්වා ගැනීම
- සාමාන්‍ය සේවකයන් බඳවා ගැනිම‚ පුහුණු කිරීම හා සුපරීක්ෂණය
- සාමාන්‍ය සේවකයන් සහ මැද පෙළ කළමනාකරණය අතර සම්බන්ධීකරණ නිලධාරින් ලෙස ක්‍රියා
කිරීම
- මැද පෙළ කළමනාකරණයේ තීරණ ගැනීම සඳහා අවශ්‍ය කරන තොරතුරු සම්පාදනය
- මැද පෙළ කළමනාකරුවන්ගේ තීරණ සහ නියෝග ක්‍රියාත්මක කිරීම
2.අධිකාරීය හෝ වගකීම අනූව කළමනාකරුවන් වර්ග කිරීම.
ව්‍යාපාරයක රේඛීය
කාර්යයන් හා මාණ්ඩලික කාර්යයන් ලෙස ක්‍රීයාකාරකම් වර්ග 2ක් සිදුවේ. රේඛීය කාර්යයන්
යනු ව්‍යාපාර අරමුණු ළඟාකර ගැනීම සඳහා සෘජු
දායකත්වයක් සපයන්නා වු කාර්යයන් වන අතර මාණ්ඩලික කාර්යයන් යනු රේඛීය කාර්යයන්ඉටු
කිරීම සඳහා අවශ්‍ය
පහසුකම් සපයන කාර්යයන් වේ. මේ අනූව කළමනාකරුවන් වර්ගීකරණය පහත
ආකාරයෙන් දැක්විය හැක.
රේඛීයකළමනාකරුවන්
ව්‍යාපාරඅරමුණු ළඟාකර ගැනීමට
සෘජුවම වග කියනු ලබන කළමනාකරුවන් වේ.
උදා -: නිෂ්පාදන කළමනාකරු‚ අලෙවි කළමනාකරු
මාණ්ඩලිකකළමනාකරුවන්
වක්‍රාකාරයෙන් ව්‍යාපාරඅරමුණු
ළඟාකර ගැනීමට
උපකාර වන එනම්‚රේඛීය කළමනාකරුවන්ටඋපදෙස් සහ
සේවාවන් සපයනකළමනාකරුවන් වේ.
උදා -: මානව සම්පත් කළමනාකරු‚ මූල්‍ය කළමනාකරු
මෙම යම අධිකාරිය යන සංකල්පය උපයෝගී කරගනිමින්ද පැහැදිලි කළ හැක. අධිකාරිය
යනුවෙන් අදහස් වනුයේ තීරණ ගැනීම සඳහා යම්කිසි තනතුරක් යෙත පවරා ඇති නීත්‍යානුකුල
අයිතියයි. මෙය ත්‍රිවිධාකාර වේ. ඒවා නම් රේඛීයඅධිකාරිය‚මාණ්ඩලිකඅධිකාරිය සහ ශ්‍රීතීය අධිකාරියයි.සිය යටත් සේවකයින්ට නියෝග නිකුත්කිරීම සඳහා කළමනාකරුවෙකුය ලබාදී ඇති නීත්‍යානුකුල
අයිතියරේඛීයඅධිකාරිය වේ. මාණ්ඩලිකඅධිකාරිය යනු තම විෂය කේෂ්ත්‍රය සම්බන්දයෙන් අන් කළමනාකරුවනට උපදෙස් දීම සඳහා
මාණ්ඩලික කළමනාකරුවෙකු වෙත පවරා ඇති නීත්‍යානුකුල අයිතියයි. අන් කළමනාකරුවන්ට නියෝග
නිකුත්කිරීම සඳහාමාණ්ඩලික කළමනාකරු වෙත පවරා ඇති නීත්‍යානුකුල අයිතිය ශ්‍රීතීය අධිකාරිය වේ.
අධිකාරිය
|
කුමක්ද?
|
කා විසින්ද?
|
කාහටද?
|
රේඛීයඅධිකාරිය
|
නියෝගදීමේ අයිතිය
|
ප්‍රධානියා
|
යටත් සේවකයාය
|
මාණ්ඩලිකඅධිකාරිය
|
උපදෙස් දීමේ අයිතිය
|
මාණ්ඩලික කළමනාකරුවකු
|
අන් කළමනාකරුවන් හට
|
ශ්‍රීතීය අධිකාරිය
|
නියෝගදීමේ අයිතිය
|
මාණ්ඩලික කළමනාකරුවකු
|
අන් කළමනාකරුවන් හට
|
ඒ අනූව රේඛීයඅධිකාරිය පමණක් භාවිතා කරන කළමනාකරුවන් රේඛීයකළමනාකරුවන් ලෙස හඳුන්වනු ලබන අතර මාණ්ඩලිකඅධිකාරිය යොදා ගනු ලබන කළමනාකරුවන් මාණ්ඩලික කළමනාකරුවන් වේ.
3. විෂය පථය අනුව කළමනාකරුවන් වර්ග කිරීම.
පොදු කළමනාකරුවන්
ව්‍යාපාරික කාර්යයන්
විශාල ප්‍රමාණයක් සඳහා පොදුවේ
වගකියන්නා වූ කළමනාකරුවන් පොදු කළමනාකරුවන් වන අතර ඔවුන් සතුව පුළුල් විෂය පථයක් පවතී.
උදා -: සාමාන්‍යාධිකාරී‚කළමනාකරණ අධ්‍යක්ෂක
ශ්‍රීතීය කළමනාකරුවන්
ශ්‍රීතීය කළමනාකරුවන් සතුව පටු විෂය පථයක් පවතීන අතර ඔවුන් ව්‍යාපාරික කාර්යයන් කිහිපයක් හෝ එකක් සඳහා පමණක්
වගකීමට බැදී සිටින කළමනාකරුවන් වේ.
උදා -: නිෂ්පාදන අලෙවි‚ මූල්‍ය හෝ මානව සම්පත් වැනි අංශයක
උදා -: නිෂ්පාදන අලෙවි‚ මූල්‍ය හෝ මානව සම්පත් වැනි අංශයක
.
02.කළමනාකරුවන්ගේ කාර්යභාරය.
කළමනාකරණ කාර්යයන්
පිළිබදව ඉදිරිපත් වී ඇති වර්ගීකරණයන් දෙකකි. ඒවා නම් හෙන්රි ෆේයොල්ගේ වර්ගීකරණය
සහ මින්ස්ව්බර්ග්ගේ වර්ගීකරණයයි.
හෙන්රි ෆේයොල්ගේ වර්ගීකරණය
කළමනාකරුවන් විසින්
ඉටුකළ යුතු මූලික කාර්යයන් සතරකි. ඒවා නම්‚
- සැලසුම් කිරීම
- සංවිධානය කිරීම
- අධ්‍යක්ෂණය (විධාන
දීම)
- පාලනය
හෙන්රි මින්ස්ව්බර්ග්ගේ වර්ගීකරණය
හෙන්රි මින්ස්ව්බර්ග්ට අනූව කළමනාකරුවන් විසින් ප්‍රධාන කාර්යයන් තුනක් ඉටු කරන අතර
ඒවා නැවතත් සම්පූර්ණ කොටස් දහයකට කඩා දැක්විය හැක. මේවා කළමනාකරුවන්ගෙන්
බලාපොරොත්තුවන විවිධ හැසිරීම් රටා බැවින් මින්ස්ව්බර්ග්
මේවා කළමනාකරීත්ව
භුමිකා ලෙස හඳුන්වයි. මෙම කළමනාකරීත්වභුමිකා
පහත වගුවෙන් පැහැදිලි කෙරේ.
ප්‍රධාන කාර්ය
|
උපකාර්යයන්
|
පැහැදිලි කිරීම් සහ උදාහරණ
|
අන්තර් පුද්ගල කාර්යයන්
Interpersonal Roles
|
නාමමාත්‍ර නායකයා
Figurehead
|
නාමික හෝ සංකේතාත්මක නායකයා ලෙස චාරිත්‍රානුතූල හෝ
සාම්ප්‍රදායික කාර්යයන් ඉටුකිරීම.
උදා -: අමුත්තකු
පිළිගැනීම‚ යටත් සේවකයෙකුගේ විවාහ මංගල්‍යයනට සහභාගීවීම.
|
නායකයා
Leader
|
යටත් සේවකයන් ලවා
කාර්යයන් කරවා ගැනීම‚ ඔවුනට මඟ පෙන්වීම.
උදා -: යටත් සේවකයන්
සඳහා නියෝග සහ උපදෙස් දීම‚ ඔවුන් අභිප්‍රේරණය කිරීම.
|
|
සම්බන්ධීකරණ නිලධාරී
Liaison Officer
|
විවිධ අරමුණු හා කාර්යයන් සම්බන්ධීකරණය
උදා -: වෙනත්
දෙපාර්තමේන්තු සමඟසාකච්ඡා කොට පොදු අරමුණු ළඟාකර ගත හැකිවන ලෙස
කාර්යයන් ඉටුවන බව සනාථ කරගැනීම‚ බාහිර පාර්ශවයන් සමඟ සම්බන්ධතා
පැවැත්වීම.
|
|
තොරතුරැ කාර්යයන්
Informational Roles
|
තොරතුරු රැස් කරන්නා
Monitor
|
අභ්‍යන්තර සහ බාහිර පාර්ශවයන්ගෙන් තොරතුරු රැස්කර
ගැනීම.
උදා -: සිදුවන්නේ
කුමක්ද යන්න පැහැදිලි කර ගැනීම සඳහා යටක් සේවයකුගෙන් ප්‍රශ්න කිරීම.
|
තොරතුරු බෙදා හරින්නා
Disseminator
|
තම අංශයේ සාමාජිකයන් සඳහා අවශ්‍ය තොරතුරු
බෙදා හැරීම.
උදා -: යටත් සේවකයන්
දැනුවත් කිරීම සඳහා සාණ්ඩලික රැස්වීම් (Board Meeting) පැවැත්වීම.
|
|
ප්‍රකාශකයා
Spokesperson
|
තමාගේ අංශයෙන් පිටත පුද්ගලයන් (ව්‍යාපාරය තුල හෝ ඉන්
පිටත) සඳහා තොරතුරු නිතුක් කිරීම.
උදා -: තම ප්‍රධානීන්
දැනුවත් කිරීම‚ මාධ්‍ය වෙත තොරතුරු ලබාදීම‚ රජ්‍ය නියෝජිතයන් ඇමතීම.
|
|
තීරන කාර්යයන්
Decisional Roles
|
ව්‍යවසායකයා
Entrepreneur
|
අවස්ථා (Opportunities) හඳුනා ගැනීම පිණිස ව්‍යාපාරික පරිසරය පිරික්සීම සහ අවශ්‍ය පරිදි වෙනස්කම්
හදුන්වාදීම.
උදා -: ව්‍යාපාර
සංවර්ධන වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීම.
|
ගැටළු සමනය කරන්නා
Disturbance Handler
|
ව්‍යාපාරය මුහුන දෙන දුෂ්කර ප්‍රශ්න විසඳාලීම.
උදා -: සේවක වැඩ
වර්ජනයක් සමතයට පත්කිරීම‚ සේවකයන් දෙදෙනෙකු අතරවූ ආරවුලක් විසඳාලීම‚ අඩු
ඵලදායකත්වය සඳහා විසඳුම් ඉදිරිපත් කිරීම.
|
|
සම්පත් බෙදාහරින්නා
Resource Allocator
|
විවිධ අරමුණු අතර සීමිත සම්පත් බෙදාහැරීම.
උදා -: ප්‍රමුඛතා
තීරණය කිරීම‚ අයවැය පිළියෙළ කිරීම‚ සේවකයන්ගේ කාර්යයන් නශ්චය කිරීම.
|
|
සාකච්ඡා කරන්නා
Negotiator
|
ව්‍යාපාරය සඳහා වාසි අත්කර ගැනීම පිණිස අභ්‍යන්තර සහ බාහිර
පාර්ශවයන් සමග සාකච්ඡා කිරීම.
උදා -:
සැපයුම්කරුවකු‚ වෘත්තීය සමිතියක් හෝ වෙනත් කළමනාකරුවකු සමග කේවල් ක්රීම.
|
03.කළමනාකරණ කුසලතා
කිසයම් විශේෂිත කේෂ්ත්‍රයක්
පිළිබඳව වර්ධනය කරගන්
ලැබු ප්‍රවීණතාවයක් කුසලතාවයක් ලෙස හඳුන්වයි.ආයත්නික අරමුණු කාර්යක්ෂමව හා
සඵලදායිව ළගාකර ගැනීම සඳහා
කළමනාකරුවකුට පැවතිය යුතුදේ කළමනාකරණ කුසලතා ලෙස හැඳින්වේ. රොබර්ව් එල්.
කාට්ස්ට අනුව ඕනෑම කළමනාකරුවකු සතුව පැවතිය යුතු මූලික කුසලතා වර්ග 03 කි.
1. මානව කුසලතා
2. තාක්ෂණික කුසලතා
3. සංකල්පනාත්මක / මනෝභාවාත්මක කුසලතා
කුසලතාවය
|
නිර්වචනය
|
හැඳින්වීම /
උදාහරණය
|
මානව කුසලතා
|
අන් අය
අවබෝධ කර ගැනීමට ඔවුන් සමග වැඩ කිරීමට‚ ඔවුන් ලවා වැඩ කරවා
ගැනීමට පැවතිය යුතු කුසලතාවය
|
නායකත්ව
කුසලතා‚ සන්නිවේදන
කුසලතා‚ අන් අයට
ඇහුන්කම් දීමේ කුසලතාවය‚ උපදේශනය‚ කේවල්
කිරීමේ හැකියාව
|
තාක්ෂණික
කුසලතා
|
යම්කිසි ක්‍රියාවලියක්‚ ශිල්පීය ක්‍රමයක්
හෝ කිසියම් විශේෂිත වූ ශේෂ පත්‍රයක් පිළිබදව වූ දැනුම යනාදිය භාවිතයට ඇති
හැකියාව
|
ඔහුගේ /
ඇයගේ විශේෂීකරණ කේෂ්ත්‍රය පිළිබඳ වූ දැනුම‚ විශේෂීත
ශිල්පීයක්‍රම සහ උපායක්‍රම පිළිබඳ වූ නිපුනතාවය‚ අදාළ කේෂ්ත්‍රෙයේ වූ යන්ත්‍ර උපකරණ පිළිබඳ වූ නිපුණතාවය‚ තොරතුරු
එක්රැස් කිරීම හා විශ්ලේෂණය කිරීමේ හැකියාව
|
සංකල්පනාත්මක
කුසලතා
|
ආයතනයක
සිලළුම ලැදියාවන් හා කාර්යයන් සම්බන්ධ කිරීමේ සහ සමායෝජනය කිරීමේ හැකියාව
|
සමස්තයක්
ලෙස ආයතනය දෙස බැලීමේ හැකියාව.
ආයතනයක් තුළ
වූ උප පද්ධතීන් අතර පවතින අන්තර් රැඳියාව අවබෝධ කරගැනීම හා
එක් උප පද්ධතියක ඇතිවන වෙනසක් අනිකුත් උප පද්ධතීන්වලට හා සමස්ත ආයතනයකටම සිදුකරන
බලපෑම අවබෝධ කරගැනීමේ හැකියාව
|
මෙම කුසලතා සෑම කළමනාකරුවකු තුලම අනිවාරියෙන් පැවතිය යුතු වුවත් ආයතන දූරාවලියේ සෑම මට්ටමක් සඳහාම මෙම කුසලතා ඒක හා සමාන ලෙස වැදගත් වේ. ඒ බැවින් කළමනාකරුවකු මෙම කුසලතා ත්‍රිත්වයේ ඇති වැදගත්කම ඔහු ආයතන ධූරාවලියේ නියේජනය කරන මට්ටම අනූව වෙනස් වේ. සෑම කළමනාකරුවකුමමිනිසුන් සමග ගැටෙන බැවින් ඔවුන් සංවිධාන ධූරාවලියේ කුමන මට්ටමක් නියෝජනය කළද මානව කුසලතා එක හා සමාන වැදගත්කමක් දක්වයි. කළමනාකරුවකුගේ විශේෂීකරණ කේෂ්ත්‍රයට අදාළව ඔහු හෝ ඇය සතුව තිබිය යුතු දැනුම හා සුවිශ්ෂ දක්ෂතාවයන් තාක්ෂණික කුසලතා නම් වේ. මෙය පහල මට්ටමේ කළමනාකරුවන් සඳහා විශේෂ වැදගත්කමක් දක්වයි. මෙයට හේතුව ඉහළ මට්ටමේකළමනාකරුවන්ට සිය යටත් සේවකයන් ලවා කාර්යයන් කරවා ගැනීමට ඔවුන් තරමටම තාක්ෂණික කුසලතා අවශ්‍ය නොවීමයි. තවදුරටත්‚ මෙහෙයුම් සේවකයන් පුහුණුකිරීමට සහ ඔවුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දීමට වගකීම ඇත්තේ පහළ පෙළ කළමනාකරුවන්ට නිසා තාක්ෂණික කුසලතා අනිකුත් කළමනාකරුවන්ට වඩා ඔවුන්ට වැදගන් වේ. නමුත් සංකල්පනාත්මක කුසලතා වඩාත් වැදගත් වනුයේ ඉහළ පෙළ කළමනාකරුවන්ටය. මෙයට හේතුව ඔවුන් ගනු ලබන තීරණවලින් මුළු ආයතනයටම බලපෑමක් ඇතිවීමයි. විවිධ කළමනාකරණ මට්ටම්වලට මෙම විවධ කුසලතාවල වැදගත්කම පහත පරිදි වේ.
ඉහළ පෙළ
කළමනාකරුවන්
|
||||||||||
මැද පෙළ
කළමනාකරුවන්
|
මානව
කුසලතා
|
තාක්ෂණික
කුසලතා
|
සංකල්පනාත්මක
කුසලතා
|
|||||||
පහළ පෙළ
කළමනාකරුවන්
|
||||||||||
Thank you So much
ReplyDeleteIts really clear and important...thank u..
ReplyDeleteIt was really helpful! Thank you for your post!
ReplyDeletea very clear article... thank you.
ReplyDelete🙋🙋🙋🙋
ReplyDeleteIt's a new way to learn,
ReplyDeleteThank u for your support 😃
ReplyDeleteKalamanakaruwekuta balaya labena mulashra monawada???
ReplyDeletethanks.it is very important for me to have a note on campus.add more important stuff like this
ReplyDeletethank you
ReplyDeleteThanks. Very Useful.
ReplyDeleteVery useful 👍
ReplyDelete