කළමනාකරණය සහ ව්‍යවසායකත්වය.

ව්‍යවසායකත්වය හෝ ව්‍යවසායකයා යන්නට පොදුවේ පිළිගත් නිර්වචනයක් නොමැති වුවත් ව්‍යවසායකත්වය යන්න පහත ලක්ෂණ වලින් සමන්විත වේ.

  • පරිසරයේ සිදුවන වෙනස්වීම් හුනාගැනීම හා ඒවා අවස්ථාවක් ලෙස භාවිතයට ගැනීම

  • නිර්මාණශීලී ලෙස නවෝත්පාදන බිහිකිරීම

  • අවධානාමක් දරමින් නව නිෂ්පාදන වෙලඳපලය ඉදිරිපත් කිරීම

  • ධනය වර්ධනය කිරීම

  • අඛණ්ඩ නොවන ක්‍රියාවලියක් වීම (විච්චින්න වූක්‍රියාවලියක් වීම)

මේ අනූව පරිසර අවස්ථා නිර්මාණශීලීව උකහා ගනිමින් සහ අවදානමක් දරමින් ඒවි නිෂ්පාසනයක් ලෙස වෙළපොළට ඉදිරිපත් කරමින් ධනය උත්පාදනය කිරීමේ විච්චින්න වූක්‍රියාවලියව්‍යවසායකත්වය ලෙස හැදින්වේ. එම කාර්යයෙහි නිරතවන්නා වු පුද්ගලයා ව්‍යවසායකයා නම් වේ.

කෙසේ වෙතත් ව්‍යවසායකත්වයන් සම සන්සන්දනය කිරීමේදී කළමනාකරණය යනු පටු සංකල්පයකි. අප මුලසී හුනාගත් පරිදි කළමනාකරණයයන්න ආයතනයේ සංවිධානයේ අරමුණු සඵලදායීව ඉටුනරලැනීම සහා ආයතනයේ සම්පත් කාර්යක්ෂමව යොදාගැනීම හා සේවකයින්ගේ කාර්යභාරය මනාලෙස සැලසුම් කිරීම සංවිධානය මෙහෙයවීම හා පාලනය කිරීමේ ක්‍රියාවලියක් ලෙස නිර්වචනය කළ හැක. සෑම ව්‍යවසායකයෙකුම සිය ව්‍යාපාර කටයුතු මෙහෙයවීමේදී කළමනාකරුවෙකු බවට පත්වෙයි. නමුත් සෑම කළමනාකරු‍වෙකුම ව්‍යවසායකයෙකු නොවේ.


Comments

Post a Comment

Popular posts from this blog