ව්‍යාපාරය සහ සමාජය
ආයතනයක් සිය කාර්යයන් සිදුකරනු ලබන්නේ පරිසරයක් තුළය. විවිධ වූ කොටස් රාශියක එකතුවෙන් මෙම පරිසරය සකස් වී ඇති අතර මේ තුළ ආයතනය කෙරෙහි ඇල්මක් දක්වන විවිධ පාර්ශවද අන්තර්ගතවේ. ව්‍යාපාරික සමාජය යන්නට මෙලෙස ව්‍යාපාරය කෙරෙහි උනන්දුවක් දක්වන සියළු පාර්ශවඅන්තර්ගත වේ. මෙම සියලු කණ්ඩායම් ආයතනයක කාර්යයන් කෙරෙහි බලපාන අතරම ඔවුන්ගේ කාර්යයන්කෙරෙහි ආයතනයද බලපෑම් ඇති කරයි.
01. ව්‍යාපාරයක් කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශව
කිසියම් පුද්ගලයකුහෝ කණ්ඩායමක් ව්‍යාපාරයක කාර්යයන් කෙරෙහි සෘජුවම හෝ වක්‍රව බලපෑම් කරයි නම් ඔවුන් ව්‍යාපාරයක් කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශවයන් ලෙස හැඳින්වේ. මෙම පාර්ශවයන්ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි.
1. භාහිර පාර්ශව
ව්‍යාපාරයේ කාර්යයන් කෙරෙහි බලපෑම් කරන්නා වූ ව්‍යාපාරයක භාහිර පරිසරයට අයත්වන පුද්ගලයකු හෝ කණ්ඩායමක් භාහිර පාර්ශව නම්වේ.
උදා -: සාමන්‍ය මහජනතාව‚ මාධ්‍ය‚ රජය‚ ණය හිමියන්‚ තරඟකරුවන්‚ණය ගැතියන්‚සාමාන්‍ය මහජනතාව
2. අභ්‍යන්තර පාර්ශව
ව්‍යාපාරයේ කාර්යයන් කෙරෙහි බලපෑම් කරන ව්‍යාපාරයේ අභ්‍යන්තර පරිසරයට අයත්වන්නාවූ පුද්ගලයකු හෝ කණ්ඩායමක් අභ්‍යන්තර පාර්ශව නම්වේ.
ආයතනයක් සිය ආයතනයේත් පොදු මහත් සමාජයේත් යහපත ඇතිවන ආකාරයෙන් තීරණ ගැනීමට හා ක්‍රියාකිරීමට තිබෙන්නා වූ බැඳියාව ආයතනයක සමාජීය වගකීම නම් වේ. (ජේම්ස් එම්. හිග්ගන්ස්)
තීරණ ගන්නන් විසින් සමාජීය සුභ සාධනය‚ ආරක්ෂා කිරීම හා වර්ධනය කිරීම වෙනුවෙන් තීරණ ගැනීමට තිබෙන්නාවූ බැඳීම සමාජීය වගකීම නම් වේ. (කේත් ඩේවිස්)
03.සමාජ වගකීම් මට්ටම්
ආර්චි බී. කැරොල් විසින් සමාජ වගකීම් වර්ග 4ක් යටතේ දක්වා ඇත.
1. ආර්ථික
මූල්‍ය ස්ථාවරය‚ ලාභදායීත්වය‚ සම්පත් කාර්යක්ෂම උපයෝජනය යනාදියආර්ථික වගකීමටඋදාහරණ ලෙස දැක්විය හැක.
2. නෛතික වගකීම
රජය හෝ වෙනත් ව්‍යවස්ථාපිත ආයතන මගින් පනවනු ලබන අණපනත් සහ නීතිරීති වලට අනුකූලව ව්‍යාපාරික කටයුතු මෙහෙයවීම මින් අදහස් වේ. උදාහරණ ලෙස පරිසර සංරක්ෂණ පනත‚ සේයක අර්ථසාධක අරමුදල් පනත‚ සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල් පනත යනාදිය දැක්විය හැකියි.
3. සදාචාරාත්මක වගකීම
සාමාජය විසින් හෝ පුද්ගල කණ්ඩායමක් විසින් හරි හෝ වැරදි හෝ හොඳ හෝ නරක ලෙස ලිඛිතව හෝ ලිඛිත නොවන ලෙස සෙල පොදුවේ පිළිගත් අගනාකම් ආචාර ධර්ම නම්වේ. යම්කිසි සමාජීය කොටසක් ආචාරධර්මයක් ලෙස පිළිගන්නා යමක් වෙනත් සමාජයකආචාර ධර්මයක් ලෙස නොපිළිගත හැකිය.
මෙනිසා ආචාරධර්ම ස්ථාපිත කිරීම අපහසු කාර්යයක් ලෙස සලකයි. සේවක පුහුණු කිරීම හා සංවර්ධනය‚ කාන්තාවන්ට හා සුළු ජන කොටස්වලට සමාන රැකියා අවස්ථා ඇති කිරීම‚ භාණ්ඩ සංවර්ධනය යනාදිය ශ්‍රී ලංකාවේ පිළිගත් ආචාරධර්මවලට උදාහරණ ලෙස දැක්විය හැකිය.
4. පරාර්ථකාමී වගකීම්
කිසියම් නීතියකින්‚ ව්‍යවස්ථාවකින්‚ අධිකාරී බලයකින් හෝ ආචාරධර්මයකින් අනිවා්යයෙන් ඉටුකළ යුතු ලෙස අපේක්ෂා නොකරන එහෙත් ආයතනයක් ස්ව කැමැත්තෙන් ඉටුකරන වගකීම් වේ (ජේම්ස් එම් හිගින්ස්). මෙම වගකීම් අභ්‍යන්තර හෝ බාහිර බලපෑමකින් තොරව ආයතනය විසින් ස්ව කැමැත්තෙන් ඉටුකරයි. මෙම වගකීම් සමාජයක පවතින ඉහළම ගනයේ වගකීම් ලෙස හඳුන්වයි.
උදා -: ක්‍රීඩා‚ අධ්‍යාපන‚ සෞඛ්‍ය‚ සංස්කෘතික යනාදී සමජීය කාර්යයන් සඳහා අනුග්‍රහය දැක්වීම මේ සඳහා උදාහරණ වේ.
04.සමාජ වගකීම් ඉටුකිරීමේ වාසි
නොමිල ප්‍රසිද්ධීය
ව්‍යාපාරයේ ප්‍රතිරූපය හා කීර්තිනාමය වර්ධනය කිරීම
දිගුකාලීන පැවැත්ම තහවුරු කිරීම
නීතිය මගින් අහිතකර බලපෑම් ඇති නොවීම
භාණ්ඩ සඳහා ඇති ඉල්ලුම ඉහළ යාම
ඉහල ලාහදායීත්වයක් තහවුරැ කිරීම
05.සමාජ වගකීම්වල පිරිවැය
ලාභ උපරිම කිරීමේ සංකල්පයට පටහැනිවීම
සමාජ වගකීම් ඉටුකිරීම සඳහා දරණ පිරිවැය තුළින් භාණ්ඩවල සිල ඉහළයා හැකි වීම
සමාජය කෙරෙහි බලපෑම් කිරීමට ව්‍යාපාරයන්ට ඇති හැකියාව ඉහළයාම
කළමනාකරුවන්ගේ අවධානය අනවශ්‍ය දේ සඳහා යොමුවීම
ව්‍යාපාරයන්ට දැනටමත් ආර්ථිකයේ ඉහළ බලයක් ඇති අතර සමාජ වගකීම් තුළින් මෙය තවදුරටත් වැඩි කිරීම
Comments
Post a Comment